2018 මාර්තු 17 වන සෙනසුරාදා

දෛවය ගැන තුන්දෙනෙක් කනස්සල්ලෙන්

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 617

ආයෙමත් කැබිනට් වෙනසක් ගැන කතා පැතිරෙනවා... ඒ එක්ක විශ්වාසභංග කතාවකුත් යනවා... ආණ්ඩුවෙම මැති ඇමැතිල ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ට ප්‍රසිද්ධියෙ බණින්නත් පටන් අරන්... ඔන්න ඔහොම දේශපාලනේ සසල වෙච්ච වෙලාවට තමයි දේශපාලුතුමන්ලට දෙවි දේවතාවුන් මතක් වෙන්නෙ...

පසුගිය දවස්වල ඒ විදියට ආණ්ඩුවෙ ඉන්න අලි පාටියෙ ඇමැතිල දෙතුන් දෙනකුට තමන්ගෙ දෛවය ගැන බලාගන්න හිතිලා. එයාල අමතල තියෙන්නෙ දැනට දේශපාලන ක්ෂේත්‍රයේම ඉන්න පළාතක් පාලනේ කරන ප්‍රකට දේශපාලන නෝන කෙනකුටලු. මේ තුන්දෙනා වාර තුනකට එයාට කතා කළා. තුන් වරකට කතා කළාට ඇහුවෙ එකම ප්‍රශ්නයලු. ඒ දැනට තමන් දරන විෂය තමන්ට නැතිවේද කියන ප්‍රශ්නයලු...

ඒකට දෛවඥවරිය නිසි පිළිතුරු දීලා... ඊටපස්සෙ ඔය ගැන කාටවත් කියන්න එපා කියල මේ තුන්දෙනා ආයාචනා කළාලු. මෙහෙම කතා කරපු එක ඇමැති කෙනෙක් ඌවෙලු. අනෙක වයඹ ප්‍රබල චරිතයක්ලු. අනෙක බස්නාහිරින්ලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00