2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ඒකත් කොට උඩ

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 801

ආණ්ඩුවෙ මහ ඇමැති කස්ටියට රටේ ඉහළම මන්දිරේකින් නියෝගයක් ලැබුණ කියල ආරංචියි. ඉස්සරහට එන පුංචි ඡන්දය දිනාගන්න හිටපු ලොකු තැනගෙන් සහය ලබාගන්න කියන එකයි මේ නියෝගයෙන් කියැවුණේ...

ඒ අනුව පුටු පාටිය නියෝජනය කරන මහ ඇමැති නියෝජිතයන් පරණ ලොකු තැන මුණගැහෙන්න පුළුවන්ද කියල බලන්න මුට්ටිය දාලා බැලුවලු... 

ඒ වෙනකොට හිටපු ලොකුතැනගෙ මහගෙදරට දීල තිබුණ පොලිස් ආරක්ෂාවත් ආණ්ඩුව අයින් කරල තිබුණ නිසා හිටපු ලොකු තැන හිටියේ තරමක් කේන්තියෙන්ලු.. ඒ අස්සෙ මහ ඇමැති නියෝජිතය ඡන්ද දිනන්න සන්ධාන ගහන්න යෝජනා කළාම පරණ ලොකු තැනගෙ කන්තෝරුවෙන් හොඳවයින් දෙකක් කිව්වා කියලා කතාවක් යනවා...

ඒ නිසා පරණ ලොකු තැනත් එක්ක සමගි සන්ධාන ගහල ඡන්ද සටනට යන්න හිටපු මහ ඇමැතිල සෑහෙන්න අප්සෙට් එකේ ඉන්නව කියලයි තතුදත් අය කියන්නේ...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00