2017 ජනවාරි 14 වන සෙනසුරාදා

හිටපු ලොකු තැනට බරබරයක්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 359

හම්බන්තොට ආයෝජන කලාප හුටපටේ දැන් සෑහෙන්න බරපතළ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙලා වගෙයි පේන්නෙ... හිටපු ලොකු තැනගෙ ප්‍රධානත්වයෙන් තියන ඒකාබද්දෙ කස්ටිය මේකට දිගටම වලි අදිනවා...

ඒත් ආණ්ඩුවෙ දෙවැනි මහත්තය කොහොමහරි මේ වැඩේ කරන්න කටයුතු සංවිධානෙ කරගත්ත කියමුකො... උන්නැහේ ඒකට සපෝට් එක ගත්තෙ හිටපු ලොකු තැනගෙ ලොකු අයිය ඒ කියන්නෙ හිටපු කතානායක තුමාගෙන්...
හිටපු කතානායක තැනත් රටේ දෙවැනි මහත්තයත් ගිහිල්ල රුහුණෙ හාමුදුරුවරු මුණ ගැහුණා. ඊළඟට දෙගොල්ල එකතුවෙලා ඉඩම් ප්‍රශ්න විසඳන්නත් තීන්දුවක් ගත්තා..

ඉතින් මේ විදියට වැඩේ යනකොට ඒකාබද්දෙ ඉන්න සටන්කාමී මත්තිරිගොල්ල හිටපු කතානායකතුමාගෙ සමගි සන්ධාන වැඩේට ලොකු බරබරයක් දාලා කියලා ආරංචියි...

හිටපු ලොකු තැන හම්බවුණ ඒකාබද්ධෙ මත්තිරි කස්ටිය අපි ගුටිකද්දී එතුමා සමගි සන්ධාන කතා කියනව කියලා ලොකු අඬෝවැඩියාවක් දැම්මලු.

තමන්ගෙ ලොකු අයියට තියන සැලකිල්ල නිසා හිටපු ලොකු තැනත් මේ ගැන මුකුත් කරකියාගන්න බැරුව ලොකු අමාරුවක වැටිලලු ඉන්නෙ... 

අන්තිමේදී සටන්කාමී මන්තිරි කස්ටියගෙ බලපෑම නිසා හිටපු ලොකු තැනගෙ පැත්තෙන් හිටපු කතානායක තැනට මේ ගැන විශේෂ පණිවුඩයක් ගියා කියල නම් ආරංචියි...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00