2017 ජනවාරි 14 වන සෙනසුරාදා

මහනුවරට කැඳවන්න යනවලු

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 316

පසුගියදා සිදුවූ හම්බන්තොට උද්ඝෝෂණය වෙලාවෙ ඉදිරියෙන් හිටපු මහා සංඝරත්නයට ඇතැම් ආරක්ෂක ප්‍රධානින් සලකපු විදිහ ගැන මහනුවර මහ පන්සල් දෙකට ලොකු පැමිණිල්ලක් ලැබිලලු..

එයින් එන පැමිණිල්ලක වීඩීයෝගත කරපු සාක්ෂියකුත් තියනවා කියලයි ආරංචි. එක්තරා ඉහළම පෙළේ කාකි සූට්ධාරී ආරක්ෂක ලොක්කෙක් උද්ඝෝෂණේට ආපු හිමිවරුන්ට මෙන්න මේ විදියට සලකන්න කියන එකලු වීඩීයෝ පටයේ තිබෙන්නෙ. 

ඒ නියෝගයෙන් පස්සෙ සිද්ධ වුණ දේවල් ගැන කම්පාවට පත්වූ මහනුවර මහ පන්සල් ආණ්ඩුවට ඒ ගැන පැමිණිලි කරලා... ඒ නියෝගය දුන්න කාකි සූට්ධාරී ලොකු මහත්තය මහනුවරට කැඳවන්න යනවා කියලා ආරංචියක් යනවා...

උන්නැහේ කැඳවලා මහා සංඝරත්නයට සලකන හැටි තදින් කියා දෙන්න ඉඩ තියනවා කියලත් තතුදත් අය කියනවා...