2018 මාර්තු 10 වන සෙනසුරාදා

රහස් වාර්තාවක්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1030

මහ බැංකුවෙ මගඩියට සම්බන්ධවෙලා දැන් පිටරටක ඉන්න හිටපු ලොක්ක ගැන පසුගියදාක ආණ්ඩුවෙ ඉහළම මන්දිරේකට රහසිගත වාර්තාවක් ඇවිල්ලා... ඒක සකස්කරලා තියෙන්නෙ බුද්ධි අංශය කියලයි කියන්නෙ...

උසාවි නියෝග තියෙද්දීත් හිටපු මහබැංකු ලොක්ක රටට නොපැමිණ ඉන්න කියන තැන් ගැන වගේම එයා දැන් එදිනෙදා කරන කියන දේවල් ගැන සවිස්තර තොරතුරු මේ වාර්තාවෙ තිබුණලු...

උන්නැහේ පසුගියදාක හදිසියේම දැනට වහන්වෙලා ඉන්න රටේ ඉඳලා මැලේසියාව හරහා රහසේම සිංගප්පූරුවට ආපු බවත්... දවස් දෙක තුනක් එතන ඉඳන් අලිපාටියෙ දැන් හටගෙන තිබෙන අර්බුදය විසඳන්න කරපු කෙරුවාව දරපු වියහියදම් ගැනත් අපූරැ තොරතුරු මේ වාර්තාවෙ තියනවලු... ඉතින් මේ කියන තොරතුරු අනුව ගතයුතු ඉදිරි පියවර ගැන ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේ ඉන්න අත පාටියේ ලොකු ලොක්කො රහසිගතව තීන්දු ගණනාවක් ගන්න බවත් ආරංචියි...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00