2018 මාර්තු 03 වන සෙනසුරාදා

ප්‍රකෝටිපති දේශපාලු තැන!

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1114

නුවර පැත්තෙ එක්තරා බලවත් දේසපාලුතුමෙක් කොළඹින් ඉඩමක් ගත්තලු. පර්චස් එක රුපියල් ලක්ෂ තිහ ගණනෙ පර්චස් 109 ක් මේ ඉඩමට අයිති බවයි කියන්නෙ. හිතාගන්න පුළුවන්නේ වටිනකම... ලක්ෂ තුන් හාරදාහක ගනුදෙනුවක්ලු මේක.

මේ තැනැත්තට දැනටමත් කොළඹ නිවාස තුනක්ම තියන බවයි ආරංචි. ඒ හැර නුවර නගරෙත් ඒ අවට නගරවලත් ඉඩකඩම් වගේම සුපිරි මන්දිරේකුත් තියනවලු. 

කලකට පෙර නුවරට එන විට පාපැදියක්වත් නොතිබුණ මොහුට මේ තරම් දේවල් කරන්න ධන නිධානයක් පහළ වුණේ කොහොමද කියලා කවුරුවත් දන්නෙ නැහැ.

ජ්‍යොතිෂය ගැන ප්‍රසිද්ධියක් ඇති ඒ පළාතෙ ලොකුම පට්ටමක් දරන කෙනෙක් එක්ක නිතරම කොක්ක පැටලෙන මේ දේශපාලන නායක තුමාට දැන් ඉන්න පාටියෙන් ඡන්දෙ ඉල්ලල ඊළඟ පාර ගොඩයන්න අමාරැ නිසා යමක් කමක් සොයාගෙන ඡන්දෙන් පස්සෙ විදේශගත වෙන්න අරඅදින බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ.