2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

සෙනඟ නැතිලු

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1091

මේ රටේ බලවත් තනතුරක හිටපු ලොකු නෝන කෙනකුට මේ ඡන්දෙදි ඒ පළාතෙ ජනතාව පාඩමක් උගන්වලා තිබුණා...

ඉතින් ඒ ගැන බොහොම කම්පාවටත් කේන්තියටත් පත් මේ නෝනා මහත්තයා වැඩ කරපු කොට්ඨාසෙ ප්‍රතිඵල එනකොට එච්චර කල් ගෙදර හිටපු ගෝල බාලයොත් වාෂ්පවෙලා ගිහිල්ලලු.

ඒ නිසා තිබුණ කේන්තිය දෙගුණ තෙගුණ වෙලා හතරවටේ උන්න අයට ලොකු ඝෝෂාවක් දැම්මලු.

දැන් බලනවා අපි එක්ක ඉන්න එවුන් පරදිනකොට දුවනවා... අර මට පස්සෙ හිටපු හාදය පැරදිලත් යන යන තැන මිනිස්සු හිටියා... කියලා පොහොට්ටුවෙ ලොක්කගෙ නම කිය කියා දොස් පරොස් කියන්න ගත්තලු...

ඉතින් ඔය විදියට ඒ නෝන ඝෝෂා කරන්න ගත්තම එයාගෙ ගෙදර හිටපු හතර පස්දෙනෙක් හොරෙන් මාරුවෙලා ගිහිල්ලලු.

ඒක නිසා තවත් කේන්ති ගිය මේ නෝන දඩාස් ගාලා දොර වහගෙන කාමරේට වැදිලා රටින් පිටවෙලා යන්න ලෑස්ති වුණ බව ආරංචියි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00