2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

විරෝධයට සාදයක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 605

දාස් ගණනක් සේවකයො ඉන්න ආණ්ඩුවෙ ප්‍රධාන පෙළේ සංස්ථාවක සේවකයො මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සෙ ජයග්‍රහණය සමරන්න තීන්දු කළාලු...

මේ සැමරීමෙදි මුලින්ම කළේ මේ ආණ්ඩුවෙ නම නරක් කළ එක්තරා කැබිනට් ඇමැති කෙනෙක්ගෙ (දැන් හිටපු ඇමැති) ඡායාරූප මුළු සංස්ථාවෙන්ම ඉවත් කිරීමලු. මේ පින්තූර ගලවන වැඩේට ආණ්ඩු පක්ෂයෙම ඉන්න සමහර උදවියත් සම්බන්ධ වුණේ ඔය කියන දේශපාලුතුමා යහපාලනේ දැලිගෑව බවට චෝදනාවකුත් නඟමින්ලු.

අන්තිමේදි උන්නැහේගෙ පින්තූර ටික ගලවල මුල්ලකට දාලා.. රටේ හිටපු ලොකු තැනගෙ පින්තූර ඒ තැන්වල එල්ලුවලු...

ඊටපස්සෙ දැවැන්ත කේක් ගෙඩි කිහිපයක් ගෙනැල්ලා පක්ෂ වාද භේදයක් නැතුව කාට කාටත් කේක් බෙදුවලු. පක්ෂ භේදයෙන් තොරව වගේ හිටපු ඇමැතිට විරෝධය දක්වන්න පවත්තපු මේ සාදය ගැන ඉහළටත් තොරතුරු ලැබිලා...

ඒ බව දැනගත්ත ආණ්ඩුවෙ ඉහළම තනතුරක් දරන ලොක්කෙක් මහ හඬින් හිනාවෙලා අහක බලාගත්ත මිසක් මුකුත් කරන්න ගියේ නැතිලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00