2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

පින්තූරයේ ඇත්ත කතාව

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1290

පහුගිය දවස්වල ෆේස් බුක් එක කළඹපු පින්තූරයක් තියෙනවා...

ප්‍රකට දේශපාලනඥයකුගෙ හැඩරුව තියන කෙනෙක් උපන් ඇඳුමෙන් ඉන්න මේ ඡායාරූපෙ නිසා රට පුරා එක එක කතා ගියා...

ඒ අස්සෙ සමාජ ජාලා වෙබ් අඩවිවල ගිය මේ පින්තූරෙ සුලමුල හොයන්නත් සමහරු මහන්සි වුණා...

ඒ ගැන කාරණා කාරණා සොයාගෙන යනකොට දැනගන්න ලැබුණෙ අපූරැ කතාවක්...

මේ පින්තූරෙ ප්‍රසිද්ධ වෙන්න හේතුව කිසියම් රෑමත් ලලනාවකගෙන් කිසියම් සේවාවක් ලබාගත්ත කෙනෙක් ඒ සේවාවට ගෙවන්න පොරොන්දු වූ මුදල නොගෙවීම නිසා උරණ වෙලා... රහසිගතව ගත්ත පින්තූරෙ ප්‍රචාරය කළා කියන එකයි ඒ කතාව...

මේ කතාව සාමාන්‍ය එකක් වගේ පෙනුණට... කතාවට තටු ලැබෙන්න හේතුවූ ප්‍රසිද්ධ දේසපාලුතුමෙක්ගෙ හැඩරැව මේ පින්තූරෙ තිබුණ නිසාලු...