2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

හේතුවක් නොකියා සංග්‍රහය අවලංගුයි

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 733

නිදහස සමරන්න එංගලන්තෙන් ආපු කුමාරයටයි ජපානෙන් චීනෙන් ආපු ලොකු ලොක්කන්ටයි ආණ්ඩුවෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණා.

ඒත් මේ පිළිගැනීමේ කටයුතුවලදි එක්තරා අමුතු දෙයක් සිද්ධවුණු බව ආරංචියි...

මේ ප්‍රභූ විදේශ අමුත්තන් වෙනුවෙන් රටේ ඉහළම මන්දිරේක පවත්වන්නට සූදානම් කරල තිබුණු භෝජන සංග්‍රහය අන්තිම මොහොතේ කැන්සල් කියල අමුත්තන්ට දැන්නුව... ඒ අමුත්තො පමණක් නොවේ එයට ආරාධනා කරල තිබුණ අපේ රටේ දේශපාලන පක්ෂ නායකයන්ටත් භෝජන සංග්‍රහය හදිසියේම අවලංගු වුණ බව දන්වල... ඒත් මේ ප්‍රභූන්ගෙ සංග්‍රහය හදිසියේම අවලංගු වුණේ ඇයි කියන එක කවුරුවත් දන්නෙ නැහැ...

සමහර තතු දත් අය නම් කියන්නෙ ඉහළම මන්දිරේකින් ලැබුණ දැඩි නියෝගයකින් භෝජන සංග්‍රහය කැන්සල් වුණා කියලයි. ඒත් මේ දැඩි තීන්දුවට හේතුව තමයි අප්‍රකට.