2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

කව්ද ඒ දෙන්නා?

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1556

බැඳුංකරෙයි අල්ලස් දූෂණ වාර්තාවයි දෙකම දැන් තියෙන්නෙ දියවන්නාවෙ... ඉතින් මේ ගැන විවාද කරන්න ඕන කියලා මුලින්ම ඒකාබද්දෙ කස්ටිය එහෙම හයියෙන් කෑ ගැහුවා... පුටු පාටියෙ කස්ටියත් එහෙමම සද්දෙ දැම්මා....

මේ ජරමර අතරෙ වැඩේ ඡන්දෙන් පස්සට කල්දාගන්න තිරය පිටුපස වැඩසටහනක් දියත්වුණ බවට රටේ ලොකු මහත්තය ඡන්ද වේදිකාවෙදි හෙළිදරව්වක් සිද්ධ කළා....

මේ කල් දමා ගැනිල්ලට තිරය පිටිපස්සෙ වෙච්ච රහසිගත සාකච්ඡාවක් ගැනත් රටේ ලොකු මහත්තයා කිව්වා.... ඉතින් ඊට පස්සෙ ලොකු මහත්තයා කිව්ව විදියට බොරැල්ල පැත්තෙ ගෙදරක තිබුණ මේ සාකච්ඡාවට එක්වුණ දෙන්නෙක් ගැනත් කියැවුණා... රහස් තොරතුරු වාර්තා අනුව තමන් ළඟ සියලුම විස්තර තිබෙන වගත් ලොකු මහත්තය සඳහන් කළ රටේ ලොකු මහත්තයගෙ කතාවෙන් පස්සෙ දේශපාලනේ ගැන උනන්දු උදවිය මේ රහස් සාකච්ඡාවට එක්වුණ දෙන්න ගැන විස්තර හොයන්න පටන් ගත්තලු.... ඔහොම කතන්දරේ සොයාගෙන සොයාගෙන යනකොට දැනගන්න ලැබුණාලු සාකච්ඡාවට ගිය දෙන්නගෙ නම්....

එක්කෙනෙක් පොහොට්ටුවෙ මොළකාරයෙක්ලු. අනිත් කෙනා අලි පාටියෙ තටුකැපුණු පොරක්ලු....

තතු දත් උදවියගෙන් ආරංචි වුණ මේ කතාව රටේ ඉහළම මන්දිරෙනුත් සනාථ වුණ බවයි කියැවෙන්නෙ. ඒත් මේවායෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නැහැ.