2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ඇමැතිටත් නැති රැකවරණ!

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1195

යහපාලනේ ගේන්න හුඟක් මහන්සි වුණ එක්තරා ඇමැති මහත්තයෙක්ගෙ නෝන කෙනෙක් ආරක්ෂක රථ පිරිවරාගෙන එහෙ මෙහෙ යනවය කියල දේශපාලන අංශවල ලොකු කතාවක් ගියා.

විශේෂ කාර්ය බළකාය වගේම තමන්ගෙ වාහනේට පරිවාර රටක් මේ නෝන මහත්තය පාවිච්චි කරනවලු. කොළඹ කිට්ටුව දිසාවක් නියෝජනේ කරන මේ ඇමැති තැනගෙ පවුලම දේශපාලන පවුලක් කිව්වොත් වරදක් නැහැ.

ඉතින් ඒ මොනව වුණත් ඇමැති තැනටත් ඕන නැති ආරක්ෂාවක් නෝන මහත්තය ලබාගෙන එහෙ මෙහෙ යන්න ගත්තම ඒක එයාල කියන යහපාලනේට ගැලපෙනවද කියලයි ජනතාව අහන්නෙ.

කවදාවත් පරාජිත නොවූ මේ දේශපාලකතුමා මේ ගැන දන්නවද නැද්ද කියලත් ජනතාව ප්‍රශ්න කරනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00