2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

උත්තර නැහැල්ලු!

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 805

ආණ්ඩුවෙ ලොකුම පවුලකට සම්බන්ධ ව්‍යාපාරික සහෝදරයෙක් ඒකාබද්දෙ පොහොට්ටුව පුටුව උඩට ගේන්න පසුගියදා ලොකු වැඩසටහනක් දියත් කරලා තිබුණා.

මේ ව්‍යාපාරික සහෝදරය දහ අතේ ටෙලිෆෝන් කෝල් දිදී මේ වැඩේ කරගන්න නොයෙක් විදියට ට්‍රයි කළා...

හිටපු ලොකු තැනගෙ පවුලෙ අයට හිටු කියල කතා කරමින් සන්ධාන හදමු කියල විවිධ යෝජනා ගෙනාවලු. ඒත් පොහොට්ටුව මෙහෙයවන රාජපක්ෂ සහෝදරයට කතා නොකර වැඩේ හරියන්නෙ නැහැ කියලා අන්තිමේදි එයාට තොරතුරු ලැබිලා...

මේ ව්‍යාපාරික සහෝදරයා පොහොට්ටුවෙ කෙරුම්කාරය එක්ක ඇඟ ඇලුම්කමක් නැතත් තමන්ගෙ වැඩේ කරගන්න ඕන නිසා අන්තිමේදි එයාට කතා කරන්න තීන්දුවක් ගත්ත.

එහෙම හිතලා දුරකතන ඇමතුම් ගණනාවක් දුන්නත් රාජපක්ෂ කඳවුරෙන් ව්‍යාපාරික සහෝදරයට කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නැතිලු.

තමන් දුන්න එකම එක ටෙලිෆෝන් කෝල් එකකටවත් උත්තර නොලැබුණු නිසා උන්නැහේ තමන්ගෙ සාම ප්‍රයත්නය වෙනස් පාරකින් ගෙනියන්න තීන්දු කරලලු. ඒකට අමුතු වැඩක් කරන්නලු යන්නෙ. අද හෙට මේ කරන්න යන අමුතු වැඩේ දැනගන්න පුළුවන් වේවි කියලා කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00