2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

හූවට වැට!

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 497

රටට වැඩ කරන්න හදලා තියන ආණ්ඩුවෙ ලොකුම සභාවක සමහර මැම්බර්ල නීතිරීතිවලට ගරැ කරන්නෙ නැතුව කෑකොස්සන් ගැනීම වළක්කන්න වැඩක් සැට්වේගෙන එනවලු...

විශේෂයෙන්ම මේ වැදගත් සභාවෙදි ඕන දේටයි එපා දේටයි දෙකටම වලි ඇදගෙන කැගහනව විතරක් නෙවෙයි අතින් කට වහගෙන හූ කියන තුන් හතර දෙනෙක් දැනටමත් හඳුනාගෙන කියලා ආරංචියක් යනවා... ඉතින් මේ විදියට නීතිරීති කඩාගෙන සිල් බිඳගත්ත උදවියට තරු පේන වැඩක් කරන්න ඉහළින් දැඩි තීන්දුවක් අරන් කියල ආරංචියි. ඉතින් කරන්න යන දේ කල්තියා කියන එක හොඳ නැති නිසා දැනට මුකුත් කියන්න බැහැ. ඒ වුණත් මෙතන හූ කියන තුන් හතර දෙනාට ඉස්සරහට හූවෙන් දිනන්න බැරිවෙන බව නම් කියන්න පුළුවනි.