2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

බලන්න සර් දුන්න ගේම

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 586

ආණ්ඩුවෙ ඉඳන් ඒකාබද්දෙට පනිනවා කියලා හිටපු ඇමැති සයිස් මහත්තයෙක් එකපාරටම අංශක “360” ක් භ්‍රමණය වෙලා ආයෙත් හිටපු තැනම ඉන්න තීන්දුවක් අරන් කියලා කියනවා.

උන්නැහේගෙ මේ තීන්දුව ඒකාබද්දෙ කස්ටියට වාර්තා වුණාම එක හිටපු බොහෝම පියකරු මන්තිරි සයිස් මහත්තයකුට කේන්ති ගියා... උන්නැහේ කේන්ති පිටම හිටපු ලොකු තැන සහ මන්තිරි සගයො ඉස්සරහා මේ පැනිල්ල නවත්තපු ලොක්ක ගැන එක එක දේවල් කියන්න ගත්තා...

බලන්න සර් කරපු වැඩේ දෙයි හාමුදුරුවනේ ඔය මනුස්සය තමයි මටත් යමු යමු කිව්වෙ. එයාගෙ ගෙදරනේ සාකච්ඡා තිබ්බෙ.. සර් අම්මප ඇත්ත මම ඔයා සාකච්ඡා දවස්වල විස්කි බෝතල් නම් කීයක් ගෙනිච්චද අරක්කු බෝතල් කීයක් ගෙනිච්චද... ඒ සේරම කළේ වැඩේ ගොඩදාගන්නනේ. කොහොමද අන්තිමට දුන්න ගේම... අපි සර් මේ වගේ උදවියගෙ නම කළු පොතේ ලියාගන්න ඕන සර්... කියල තවත් හුඟක් දේවල් කියාගෙන කියාගෙන කියාගෙන ගියා... උන්නැහේ මෙහෙම කිව්වෙ කලකට පෙර අත පාටියෙ ලොකු ලොකු පට්ටම් දැරූ අකුරු තුනක් තියන පළාතකින් පත්වුණ වැඩිපුර නිදාගන්න කැමති ඇමැති සයිස් කෙනෙකුටලු.