2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

කතා නැති ආරාධිත

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 473

අලි පාටියෙ නියෝජනේ කරන දකුණෙන් පත්වුණ ආණ්ඩුවෙ බලවත්ම ඇමැති මහත්තයෙක් ඉන්නවා... උන්නැහේ මුණගැහෙන්න මේ රටේ ප්‍රසිද්ධ ගරුකටයුතු හාමුදුරු නමක් වැඩම කළා. අපේ හාමුදුරුවො ඇමැතිතුමා මුණගැහෙන්න වැඩම කළේ ආරාධනාවක් කරන්නලු...

පන්සලේ කෙරෙන ලොකු පින්කමක ප්‍රධාන ආරාධිත අමුත්ත හැටියට එන්න කියන එකයි ආරාධනාව. ඉතින් මේ ඇමැතිතුමත් ආරාධනාව බොහෝම ඉහළින් පිළිගත්ත. ඊටපස්සෙ හාමුදුරුවන් වහන්සේ මේ උත්සවයට තවත් විශේෂ ආරාධිතයකුට කතා කරන්න යන බව සඳහන් කළා.

එයා කාකි සූට් දෙපාර්තමේන්තුවෙ ලොකු මහත්තයා... උන්නැහේ බණ භාවනා ගැනත් විශේෂඥයෙක් හින්ද පන්සලේ කටයුත්තටත් කැඳවාගන්නයි හාමුදුරුවන්ට වුවමනා කළේ... ඉතින් ඒ ගැන ඇමැතිතුමා සඳහන් කළාම උන්නැහේ ඒකට කමක් නැහැ කියලා පුංචි අදහසක් බොහෝම ශාන්තදාන්ත විදියට ඉදිරිපත් කළා.

හාමුදුරුවනේ උන්නැහේට ආරාධනා කළාට නම් කමක් නැහැ. හැබැයි කතාවක් නම්... කියල ඇමැතිතුමා තමන්ගෙ අදහස ඉඟියක් මගින් හාමුදුරැවන්ට ලබාදුන්නම ඒ අදහස පිළිඅරන් යන්න ගියා කියල ආරංචියි.