2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

වාසනාව උදාවුණ හැටි

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 539

බැඳුංකරෙන් ආර්ථිකේ වගේම ආණ්ඩුවෙ ඉන්න සමහරුත් හෙල්ලිලා ඉන්නවය කියල කියනව. විශේෂයෙන්ම “කෝප්” එකේ “නෝට්” දාපු ඒ වගේම සද්දෙ දාපු දෙතුන් දෙනෙක් ගැන යන ආරංචි නිසා සමහරැ පුදුමෙන් පුදුමෙට පත්වෙලා කියලත් ආරංචියි...

බැඳුංකරෙන් වාසනාව උදාවුණාය කියල ආරංචි වෙන්නෙ ටිකක් කට හයිය තියන කිහිපදෙනකුටලු. විපක්ෂය සොයාගෙන තියන විදියට මර්සිඩීස් බෙන්ස් සමඟ නිවාස වාසනාව උදා වූ භවතෙක් ඉන්නවලු.

ඊළඟට තමන්ගෙ මල්ලිට නිවාස වාසනාව උදාකරගත්ත භවතෙක් කොළඹට කිට්ටු පළාතක ඉන්නව කියලත් සොයාගෙන... මේ දෙන්නා කාරණා කාරණා හොඳට දන්න දෙවැනි මට්ටමේ ලොක්කො කීවොත් වරදක් නැහැ. මේ හැර තවත් දෙතුන් දෙනකුට ධන වාසනාවත් ලැබිලා කියලා සඳහන්ලු. ඒ වගේම අලියගෙන් අතෙන් සීනුවෙන් ඇවිල්ලා කෙළින් වැඩ කරපු කිහිපදෙනකුත් හිටිය බව කෝප් එක පැත්තෙන් ආරංචි වෙනවා.