2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

කොක්ක කැඩිලා

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 473

අලි පාටියට කොක්කක් ගහන්න උතුරු සන්ධානෙන් දියවන්නාවට ඇවිත් ඉන්න මහත්තයකුට ඕනෑ වුණා.

උන්නැහේ උතුරු සන්ධානෙ පොරක් වුණාට එයාගෙ ගම ප්‍රසිද්ධ කලපුවක් තියන නැගෙනහිර පළාතෙ නගරයක්.

ඔන්න ඉතින් උන්නැහේ උතුරු සන්ධානෙ තියන බෙදීම නිසා අලිය පිට නැගගත්තොත් ඊළඟ පාරත් ගොඩයන්න පුළුවන්ය කියල හිතල අලි පාටියට සැට්වෙන්න එතන ලොකු මහත්තුරුන්ට පණිවුඩ පිට පණිවුඩ එව්ව. ඒත් ප්‍රතිචාරයක් නැති තැන දියවන්නා කවුන්සිලේ ලොබියෙදි අලි පාටියෙ ලොකුම පට්ටමක් දරන මහත්තයෙක් හමුවුණා.

හමුවෙලා තමන් එයාලත් එක්ක එන්න කැමැති බව දන්වා සිටියලු. මේ කතාව අහපු අලි පාටියෙ බලවතා දුන්නෙ මෙහෙම උත්තරයක් කියලා ආරංචියි.

මන්තිරිතුමා අපි පක්ෂ කඩල මිනිස්සු අරන් ඔළුගෙඩි ගොඩ වැඩි කරගන්නෙ නැහැ. තමුන්ට අපේ පක්ෂයට එන්න ඕන නම් සම්පන්දන්ගෙන් ලියුමකුත් අරන් එනවා... එහෙම ආවොත් ගන්නම් නැත්නම් පළාතෙ එන්න එපා...

මේ උත්තරෙන් අන්දමන්ද වුණ දියවන්නාවට නැ‍වුගෙනහිරින් ආපු න්සිල් ලොක්ක හිතේ අමාරුවෙන් කල්පනා කර කර ඉන්නවලු.