2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

බිල්ඩිමක් පස්සේ දුවන බලවතා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 800

දළදා පුරේ ටවුම මැද තියන ප්‍රසිද්ධ පාරක හදාපු ලොකු බිල්ඩිමකට දේසපාලකතුමෙක් ඉව අල්ලමින් ඉන්නව කියලා කතාවක් යනව. ආරංචි විදියට මේ බිල්ඩිමේ වටිනාකම රුපියල් පහළොස් කෝටියකටත් වැඩිලු... මෙහෙම ඉව අල්ලන්නෙ... පසුගිය අවුරුදු දහයක් පහළොවක් කවුන්සිලේ හිටපු ඇමැති සයිස් කෙනෙක් කිව්වොත් වරදක් නැහැ.
කොළඹ වගේම නුවරින් එහා ගම්පළාතෙන් මන්දිර දෙකක් අයිති මුන්නැහේ පේරාදෙණිය පැත්තෙ තානායම් පොළක නිතර නිතර ගැවසෙන බවත් සමහරැ කියනවා.

කට නිසා හුඟාක් දේවල් කරගත්ත මුන්නැහේ මොන ආණ්ඩුව ආවත් දිනුවත් නැතත් හැමදාම කවුන්සිලේ ඉන්න වාසනාව ලබාපු ඇත්තෙක්...

තමන්ගෙන් පස්සේ දේශපාලනේට වඩම්මන්න යන පුත්‍රයට පාර කපන්න ට්‍රයි කරන එතුමා මහනුවර බිල්ඩිම ගන්න යන්නෙ ලොකු ව්‍යාපාරෙකට යොදවන්නය කියල එන කතාවයි... ඇමැති තැන ඉල්ලන ගාණනට බිල්ඩිම විකුණන්න ඒකෙ හිමිකරු තවමත් කැමැත්ත දීල නැතිලු. ඒ හින්ද එයා පස්සෙ යමින් එයාගෙ ගාණට මේක ගන්න මාර සටනක් දෙනවලු... ඒක මැදරට ලොකු දේසපාලන කස්ටිය රටේ ලොකුම තැන්වලටත් වාර්තා කරලා කියලා ආරංචියි...
මේකෙදි මතක තියාගන්න ඕන වැදගත්ම කාරණය මේකයි. බිල්ඩිමේ වටිනාකම රුපියල් පහළොස් කෝටියයි. මාරයි අප්පා...