2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

උන්නැහේ විරුද්ධයිලු

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 626

පසුගියදාක දියවන්නා කවුන්සිලේ ලොබියේදි ගිරුවායේ “මල්” මන්තිරිතුමාට ආණ්ඩුවෙ ඉන්න සෙල්ලංවලට සම්බන්ධ දෙන්නෙක් මුණගැසුණා. එක්කෙනෙක් ඉන්නෙ සෙල්ලම් සේරම භාරව අනිත් එක්කෙනා රටේ ජනප්‍රියම සෙල්ලම භාරව ඉන්නව කිව්වොත් වැරුදි නැහැ...

මේ සෙල්ලං කස්ටිය “මල්” මන්තිරි තැනගෙන් ඇහුවෙ පොහොට්ටුවයි - අතයි එකතුකරන්න ගන්න උත්සාහයට උන්නැහේ අකුල් හෙලනවද කියලලු...

ඒ ප්‍රශ්නය අහපු ගමන් දෙපාරක් නොසිතා මල් කිව්වේ ඔව් මම විරුද්ධයි කියලයි.

එතකොට අර උන්නැහේල දෙන්න “මල්ලි එහෙම හොඳ නෑනේ... සමගිය බලයවේ” කියල කියනව අහල නැත්ද කියල ප්‍රශ්නයක් මතු කළා. “ඔව් කාට කාටත් සමගිය මතක්වෙන්නෙ නහය ළඟට එරුනමලු... ඒත් අලිය පිට යන ගමන් ගේන සාම යෝජනාවලට මම නම් සදාකාලිකව විරුද්ධයි...” මල් මන්ත්‍රීතැන නැවත කියාගෙන කියාගෙන ගියා...

“දැන් ආයෙමත් හදන්නෙ අපිව බය කරලා... ඇතුළට දාලා... බාගන්නයි... ඒකනම් මේ පාර අමාරුවෙයි... කරන්න තියන සේරොම දේවල් කරල ඉවරයි... තව මොනවද කරන්න ඉතුරැ වෙලා තියෙන්නෙ...? කියූ “මල්” මන්ත්‍රිතුමා සෙල්ලම් භාර දෙන්නට ටටා කියලා යන්න ගියාලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00