2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ඒකාබද්දෙ ගෝරණාඩු

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 529

දෙපැත්ත සමගිවෙන්න ඕන කියල ඒකබද්දෙට “අත” පාටියෙන් එන සාම යෝජනා නිසා ඒකාබද්දෙ ඇතුළෙ සමහරු කෙස්වලු පටලවාගෙන කියල ආරංචියි. ගම්පහ පැත්තෙ ප්‍රසිද්ධ දේසපාලන පවුලක බොහොම “ප්‍රසන්න” දේශපාලනයක් කරන කෙනෙක් සාම යෝජනාවට ගෝරි පිට ගෝරි දානවලු...

පක්ෂය එකට යන්න ඕන කියන හිටපු ලොකු තැනගෙ පවුලෙ ප්‍රබල සාමාජියකුටත් දොස් පරොස් කිව්වලු... ඒ බව උන්නැහේටත් දැනගන්න ලැබිලා ගම්පහ උන්නැහේට හොඳවයින් පිළිතුරු දුන්න කියලත් ආරංචියි. සාමෙට ගියොත් මම යන්නම යනව කියල අන්තිමට ගම්පහ යාළුවා ප්‍රසිද්ධියෙ කියන්න පටන් අරන්...

ඉතින් මේ හුටපට නිසා අත පාටියෙයි පොහොට්ටුවෙයි සාම කතා තවමත් එකතැන කැරකෙන මට්ටමට පත්වෙලා කියලා කියනවා.

හිටපු ලොකු මහත්තයගෙ පවුලෙ ප්‍රබලයො මේ ගැන මත දෙකතුනක් දැරීමලු මේක මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව කොහොමහරි ප්‍රශ්නය විසඳාගත යුතු තැනටම තල්ලු වෙන නිසා හිටපු ලොකුතැන අද හෙටම අන්තිම තීන්දුව දෙන්න සැරසෙනවය කියලා ඒ පැත්තෙන් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00