2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

දියවන්නාවෙන් අවනඩුවක්

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1292

දියවන්නා කවුන්සිලේ උන්නැහේ කෙනෙක් ඉන්නව. තැනේ හැටියට නම් එක්තරා ලොක්කෙක් වගෙයි පේන්නෙ.

මෙයා එහේ වැඩකරන වනිතා පරපුරට අපලයි කියලා ලොකු කතාවක් යනවා.

එතන සුද්ද බුද්ද කරන සමහර තරුණියන්ට උසතැන්වල රාජකාරි පවරලා මුන්නැහේ නරඹන්නගෙ රාජකාරිය කරන්න ගිහිල්ලා පැමිණිලි ගොඩයිලු...

තමන්ගෙ කන්තෝරුවෙ වුණත් ඉන්න ඇහැට කනට පේන ළඳුන් මෙයාගෙ අදහස් උදහස්වලට මනාප නැත්නම් ලෙඩක් ෂුවර්ලු... දැනටමත් ඒවගේ කීපදෙනකුට නොයෙක් ජරමර කරලයි කියලා ආරංචියි.

ඉතින් මේ ගැන ආපු පැමිණිලි නිසා නොයෙක්වර අවවාද දුන්නත් වැඩේ කම්මුතු වෙන පාටක් නැතිලු... ඒ හින්ද එතන සේවකයො අසරණ සිතින් මේ අවනඩුව කියන්න කෙනෙක් සොයනවා කියලා තතු දත් උදවිය කියනවා.