2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

කොකුවලට කොකුවලින්ම උත්තර

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 712

යහපාලනේ දැලිගාපු බවට චෝදනා නැගෙන කොළඹ පැත්තෙ දේශපාලන ග්‍රහයගෙ කලදවස හොඳටම නරක් වේගෙනලු යන්නෙ...

බැඳුංකරේ හින්ද රවි - නීචවෙලා ඉන්න වෙලාවෙ තමන්ගෙ පාටියෙයි ආණ්ඩුවෙයි ලොකු ලොක්කොයි සේරම එක්ක විවිධ මට්ටම්වල කොකු දාගෙන ඉන්න සෙවා මට්ටු කරන්න දැන් ඉහළම මට්ටමෙන් වැඩපිළිවෙළක් පටන් අරන් කියලා ආරංචියි. ආදායම් - වත්කම් ගිණුම් ගැන බරපතළ පරීක්ෂණයක් පටන් අරන් වගෙයි පේන්නෙ... ඒකෙදි දැනට හෙළිදරව්වේගෙන යන තොරතුරු පුදුම සහගතයිලු.

ලංකාව කිට්ටුව පුංචි රටක ලොක්කෙක් එක්ක කරපු ජාත්‍යන්තර ජරමරයක තොරතුරු ඇතුළත් ෆයිල් එකක් පවා දැන් වගකිවයුත්තො අරන් කියනවලු.

මේ සේරම එක පාරටම මතුවුණේ අලි පාටියෙයි පුටු පාටියෙයි දෙකේම ලොකු ලොක්කන්ට ඈත ඉඳන් දාපු වෙට්ටු වගයක් ගැන ආරංචි වෙලාලු.