2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

මාට්ටු වූ ගේමක්

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 581

පුටු පාටියේ ජ්‍යෙෂ්ඨතම ඇමැති සයිස් මහත්තුරු දෙන්නෙක් පසුගියදා රටේ ලොකු මහත්තය හම්බුවෙන්න ගියා කියමුකො... මෙයින් එක්කෙනෙක් ප්‍රේමය ජයගත් මහත්තයෙක් අනෙක් එක්කෙනා බොහෝම ප්‍රියදර්ශනයක් තියෙන කෙනෙක්.

ඉතින් උන්නැහේලා දෙන්නා ලොකු මහත්තයා හම්බුවුණේ බරපතළ කාරණයක් දැනුම් දෙන්නලු. ආණ්ඩුවෙම එක්තරා ඇමැති කෙනෙක් කරන ජරමරයක විස්තර මේ දෙන්න ලුණු ඇඹුල් ඇතුව ලොකු මහත්තයගෙ කනේ තිබ්බ.

රටේ ඡන්දයක් කටේ බඩුමිල නග්ගන්න විපක්ෂයේ ලොක්කෙක්ගෙ උපදෙස් මත යම් යම් දේ කරන බවත් සඳහන් කළාලු.

ඒ පාර මේ ගැන හොඳටම කේන්ති ගත් ලොකු මහත්තය මේ තුන් දෙනා එක්ක සය කන් මන්ත්‍රණයක් කරල ලොකු ලොකු තීන්දු ගණනාවක් ගත්ත බව ආරංචියි. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00