2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ලොකු නෝනා දුකෙන්ලු

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 827

හිටපු ලොකු නෝනට ආපසු අත්තනගල්ලෙ සංවිධායක පුටුව හම්බවුණා...

ඒත් මේ පත්වීම ගැන එයාගෙ සතුටක් නැතිලු. ඒකට හේතුව අත්තනගල්ලට පත්වීම ලැබීම නොවෙයි. එයා පත්කරපු දවසෙම ගුරුවරිය දණගස්වපු පුත්තලං මෑන්ටත් පුටු පාටියේ සංවිධායක කමක් දීපු කාරණාවලු...

මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඉහළම තැන් මුණගැහෙන්නත් එතුමිය උත්සාහ කළාට ඒකට වෙලාවක් නොලැබීමත් කේන්තියට කාරණවක් කියල ආරංචියි...

ඒ අස්සෙ අමරවීර උන්නැහේ ගුරුවරිය දණ ගස්වපු මෑන් දක්ෂ ජනප්‍රිය චරිතයක් හැටියට හඳුන්වලා දීපු කතාවටත් ගෝරිලු...

කොහොමහරි මේ හුටපට ගැන හිටපු ලොකු නෝන පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට කතා කරකර බොහොම සැරෙන් ආඩපාලි කියන්න පටන් අරන්ලු.