2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

හුටපටය අහවලා හින්දලු

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 592

ආණ්ඩුවෙ ඉන්න බලවත් ඇමැති කෙනෙක් නිසා පසුගියදාක පොලිසියෙ ලොක්කො දෙන්නෙක් කොළඹ පොලිස් අවන්හලේදි පැටලුණාලු...

රහසේ වැඩකරන පොලීසියේ ලොක්කයි ඔත්තු අංසේ පොලිසියේ ලොක්කයි මේ හුටපටේට සම්බන්ධයි කියල තැන් තැන්වල කියවෙනවා...

අවන්හලේදි ටිකක් ඇඟපත රත්කරගෙන හිටපු ලොක්කො දෙන්න මේ ගෝරියට පැටලුණේ තම තමන්ගෙ අංසවලත් කෙරෙන පරීස්සණ පමාවක් ගැන ඇදුණු කතාවකට පස්සෙලු...

ගිය ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ගෙ කෙරුවාවන් ගැන කරන හෙවිල්ල හෙමින් කියල එක් කෙනෙක් චෝදනා කරන කොට අනෙක උත්තර ලෙස කිව්වෙ තමන් කරපු නඩු ෆයිල් ගැනලු... ඊට පස්සේ එයාත් අනෙකගෙ පැත්තට බෝම්බයක් ඇතෑරියලු.

එයා ඇහුවෙ ගිය ආණ්ඩු කාලෙ ආන්දෝලනයට ලක්වුණ මාධ්‍ය ප්‍රධානියකුගෙ ඝාතනය ගැන කෙරෙන පරීස්සන වේගෙන් කෙරෙනවද කියලලු.

ඊළඟට ඒක කරන්න බැරි “අහවලා” හින්ද නේද කියල මේ රජයේ පුටුවකට බරවෙලා ඉන්න එක්තරා දේශපාලන ලොක්කෙක් ගැන කීවලු.

එතනින් පස්සේ කතාව හුඟක් සැරටම ගිහිල්ල තදින් කේන්තියට පත් දෙන්නම පස්සේ බලාගමු කියල යන්න ගියාලු.