2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ප්ලෑන අප්සෙට්

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 506

උතුරේ පවතින දේශපාලන බලඅරගලේදි මහ ඇමැති “විග්” උන්නැහේට පාඩමක් උගන්නන්න දෙමළ සංවිධානෙ කස්ටිය ගහපු ප්ලෑන අප්සෙට් වේගෙන යනවලු.

එයාල හැදුවෙ හිටපු විනිසුරුවරයකු වන “විග්”ට පාඩමක් උගන්වන්න ඊළඟ පළාත් ඡන්දෙ මහ ඇමැති අපේක්ෂක හැටියට හිටපු අගවිනිසුරු “පවන්” තුමා ඉදිරිපත් කරන්නයි.

දෙමළ සන්ධානෙට මේ යෝජනාව ගෙනාවෙ මහ ඇමැති “විග්” එක්ක ලොකු සටනක ඉන්න නීතිඥ “තිරන්” මන්තිරිතුමාලු. උන්නාසේ මේ පක්ෂ යෝජනාව හිටපු අගවිනිසුරු “පවන්” තුමා මුණගැහිල ඉදිරිපත් කළා. ඒත් උතුරේ කාගේත් පිළිගැනිමට ලක්ව සිටින “පවන්” තුමා තමන් මේ දේශපාලන මඩ ගොහොරුවට බහින්න සූදානම් නැතිබව මේ සතියෙ දන්වලලු. ඒනිසා “තිරන්” මන්තිරිතුමාලගේ ප්ලෑන අප්සෙට් ගිහිල්ල උන්නැහේල දැන් අලුත් ප්ලෑනක් ගැන දහඅතේ කල්පනා කරමින් ඉන්නව කියලයි ආරංචි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00