2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

කැත්තට පොල්ල

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 529

ආර්ථිකේ මෙහෙයවන සභාව රටේ ලොකු මහත්තයා යටතට ගත්තට පස්සෙ එතන මහ නිලමෙකමකට මහත්තයෙක් රටින් ආනයනය කළාලු. ඒත් උන්නැහේ පිට රට ලොකු ලොකු පට්ටම් දරන මෙරට කෙනෙක් කියලයි කියැවෙන්නෙ.

උන්නැහේ මේ සභාවෙ ඉන්න දේසපාලන නායකයන්ගෙ තීන්දු තීරණවලට හරස් කපනව කියල ඔය සභාව ඉන්න අපි පාටියෙ කස්ටිය නොසතුටින් ඉන්නවය කියල ප්‍රසිද්ධියෙම කියන්න පටන් අරන්ලු.

පසුගිය දවසක මේ “ලලිත”වත් මහත්තය රටේ දෙවැනි මහත්තය ගත්ත සමහර තීන්දු ගැනත් නොයෙක් අදහස් කියන්න යනකොට උන්නැහේට සැර අවවාදයකුත් ලැබුණ කියලයි කියැවෙන්නෙ.

ඒ මොනවා වුණත් උන්නැහෙත් වැඩකරන්නෙ එයාට ලොකු හයියක් විදියටලු. මේ නිසා ආර්ථිකය නග්ගන්න හැදූ සභාවෙ ඉස්සෙල්ලම සාමය සමගිය ඇති කළ යුතුය කියලා තතු දත් අය කියනවා.