2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ක්‍රිකට් බකට්

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 445

ක්‍රිකට් භාර අපේ රටේ ලොකුම පොරකට අද හෙටම ලෝක ක්‍රිකට් සභාව ඒ කියන්නෙ අයි.සී.සී. එකෙන් ලොකු පොල්ලක් වැටෙන්න යනවා කියලා ලොකු ආරංචියක් පැතිරෙනවා...

ඒ හින්දම උන්නැහේ ඉදිරියේ තියන්න නියමිත ලෝක ක්‍රිකට් සභා රැස්වීමටත් නොයන්න තීන්දුවක් අරන් බවයි තතු දත් අය කියන්නෙ.

එයා ගියත් නැතත් මේ ක්‍රිකට් ලොක්ක පසුගිය කාලෙ කරපු කියපු දේවල් ගැන ලෝක ක්‍රිකට් සභාව හමුවෙ සියලු තොරතුරු හෙළිකරන්න තමන් සූදානම් කියල අපේ “කැප්ටන් කූල්” ප්‍රකාශයක් කරලා.

අපේ ක්‍රිකට් සභාවෙ අංආපු ලොක්කන්ගෙ අංතට්ටු ගැලෙව්වෙ නැත්නම් මේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව හබක් කියලයි “කැප්ටන් කූල්” කියන්නෙ. 

මේ හුටපට නිසා අපේ රටේ ක්‍රිකට් ලොක්කට ලෝක ක්‍රිකට් සභාවට යන්න බැරි තරමට ප්‍රශ්න උග්‍රවෙලා ඒහින්දද සිල්වා කෙනකුට මේ රටේ නියෝජනය හැටියට ක්‍රිකට් උපන් රටට යන්න වාසනාව උදාවෙලාලු.

ලෝක ක්‍රිකට් සභාවෙන් මහම පුටුවට යන්න හිටපු අපේ උන්නැහේ කෙනකුට අද ඇත්තටම වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00