2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ඇවිල්ලා වැඩක් නැහැ

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 492

බැඳුම්කරේ සාක්කි හමාරවෙන්න යද්දී ආණ්ඩුවෙ ඇමැති සයිස් දෙන්නකුට සාක්කියට එන්න කිව්වා... එක ඇමැති කෙනෙක් කොමිසමට ගිහිල්ල කරගත්ත ජරමරේ ගැන අත්දැකීම් තිබෙන මේ ඇමැති දෙන්න තමන්ට ලැබුණ සිතාසිය ගැන රටේ ලොකු මහත්තයට දැනුවත් කරන්න හිතුවලු...

එහෙම හිතට එයාලා කැඳවීම ලැබුණදාට පසුදා උදෙන්ම මේ ගැන තමන්ගෙ පක්ෂයේ ඉහළම තැන්වලින් උපදෙස් ලබා ගත් බවත් ආරංචි වුණා.

ඒ සමඟ සමහර මාධ්‍යවල පුවතක් පළවුණා. මේ අය රටේ ලොකු මහත්තය හම්බුවෙලා තමන් මේ අවුලෙන් බේරල දෙන්න කියලා ඉල්ලපු බවට...

මේ කතාව ප්‍රචාරය වුණාට පස්සෙ පුටු පාටියෙ ලොක්කො ගණනාවක් රටේ ලොකු මහත්තය මුණගැසිලා බැඳුම්කරේ සාක්කියට කතා කරපු ඇමැතිලාගෙ හමුව ගැන විමසුවලු.

එතකොට මහ හඬින් සිනාසුණ ලොකු මහත්තයා එයාලා මෙහෙ ආවෙත් නැහැ. ඇවිල්ල වැඩකුත් නැහැ කියල කීවලු. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00