2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

දෙන්නෙකුට කැමතියිලු?

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 522

ඒකාබද්දෙ ඉන්න මන්තිරි ගොලලන්ගෙන් දෙන්නෙක් ගැන රටේ ලොකු මහත්තයගෙ කැමැත්තක් තියනවය කියල මෛත්‍රී පිලේ ලොක්කො කියනවා.

ඒකට හේතු කාරණානම් කවුරුත් දන්නෙ නැහැ. එයින් එක්කෙනෙක් කටකාරයෙක් උන්නැහේ එන්නෙ මධ්‍යම පළාතෙන්. රාජපක්ෂ ආණ්ඩුවෙ හිටපු ඇමැති කෙනෙක්... ඒත් දැන් මන්තිරිතුමෙක්. ඊළඟ එක්කෙනා කළුතර දිසාවෙ පස්දුන් රට පැත්තෙ කියනවා. කළුතර විතරක් නෙවේ රටේම ප්‍රබල දේසපාලන පවුලකට සම්බන්ධ මුන්නැහේ ඒකාබද්දෙ හිටියත් හැමදාම කියන්නෙ පක්ෂය රැකගන්න ඕන කියලලු.

කියන්න තියන දේ කෙළින් කියන ඕන දේකට ඔට්ටු මුන්නැහේගෙ දක්ෂ පක්ෂකම් නිසා දැන් එයා ඒකාබද්දෙන් ඌව පළාතෙ වැඩ බලන්නත් පත් කොරල... ඉතින් මේ දෙන්න ගැන රටේ ලොකු මහත්තයගෙ කැමැත්ත කොයිතරම් දුරදිග යාවිද කියල තතුදත් අය ලොකුවට කතාවෙනවලු. ඒත් පසුගිය දවසක උන්නැහේලගෙ සංවිධායක පට්ටම්වලට තට්ටුවුණබව කියැවුණා. හැබැයි ඒක සිද්ධවුණේ අවබෝධයෙන් කියල සමහරු කියනවා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00