2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

තෑගි තේරිල්ල

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 595

පසුගියදාක දියවන්නා කවුන්සිලේ පක්ෂ විපක්ෂ මැති ඇමැති කස්ටියක් යැංකි රටට ගියා. මේගොල්ලො තමන්ගෙ නිල කටයුතු අතරෙ හැමදාම වගේ ඉඩකඩ තියන විදියට සාප්පු සවාරි යන්නත් අමතක කළේ නැහැ.

ඉතින් ඔහොම ගිය ගමන්වලදි ආණ්ඩුවෙ ඉන්න එක්තරා ඇමැති සයිස් මහත්තයෙක් වැඩිපුරම මිල දී ගත්තෙ කාන්තා පක්ෂයට ඕන කරන ඇඳුම් කැඩුම්, හෑන්ඩ් බෑග් වගේ දේවල් බව එයත් එක්ක සාප්පු ගිය දියවන්නා සගයන්ට පෙනුණා. සමහර වෙලාවල්වලට රෙදි පිළි ගන්න ගියාම ඕන කරන මිමි සයිස් එහෙම දැනගන්න ටෙලිෆෝන් කෝල් දිදී ඕන කරන විස්තර අහගන්නවත් කස්ටිය දැක්කා...

ළඟදි කොණ්ඩ මෝස්තරේ එහෙමත් වෙනස් කරපු මුන්නැහේගෙ මේ තෑගි තේරිල්ල දිහා බලන් හිටපු දියවන්නා යාළුවෙක් කාටද අප්පේ මෙච්චර බඩු ගොඩක් කියලා ඇහුවා.

“කාටද ඉතින් ගෙදරට මිසක්” කියලා ඇමැතිතුමා උත්තර දුන්නා... “ගෙදරට... ආ.. ඒකත් හරි” දියවන්නා සගයා කිව්වා. ඇමැතිතුමා ආයෙමත් තෑගි තෝරන්න වුණා.