2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

යනව නම් ගිහිල්ලා බලන්න

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 633

පසුගියදාක ගාල්ල පැත්තෙ හෝටලේක ආණ්ඩුවෙ “අත” පාටියෙ කස්ටියගෙ දුක් ගන්න රැස්වීමක් තිබ්බ. ඒක තිබ්බෙ ඉතාම රහසිගතවයි. කිට්ටුව ආරක්ෂකයකුටවත් ඉන්න දුන්නෙ නැහැ... ඔන්න මේ රැස්වීමට ආපු අත පාටියෙ සමහර ජ්‍යෙෂ්ඨයො දැනට වෙන්වෙලා තියන පක්ෂයෙ කෑලි දෙක එකතු කරන්න යෝජනා - සාම සැලසුම් එහෙමත් දුන්න කියල ආරංචියි. ඒත් ඒවට ලොකු මහත්තයගෙන් ප්‍රතිචාරයක්...

එච්චර විතරක් නෙවේ පසුගිය කාලෙ ආණ්ඩුවෙන් යනවය යනවය කිය කියා හිටපු අයටත් බොහොම සැර භාෂාවෙන් යන්න ඕන නම් ගිහිල්ල බලාගන්න කියල බරබරයකුත් දැම්මලු.

සමහරුන්ට පෞද්ගලිකවමත් කතා කරල අවවාද කළා කියලත් ආරංචියි. එයින් පස්සෙ යනවය කියන අය සද්ද නැතිලු. ඒත් තිරේ පිටුපස නොයෙක් වැඩ සිද්ධ වෙනවලු. නිතර නිතර ආණ්ඩුවෙන් යන්න ඕනය කියන වයඹ පළාතෙ කෙනෙක් ගැනත් ඉහළ තැන් ඉන්නෙ හරිම තරහින්ලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00