2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

නැකත නම් හරිලු!

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 499

පක්ෂ මාරු කරන්න මේ අවුරුද්දෙ තියන හොඳම නැකත හොයාගත්ත එක්තරා රාජ්‍ය මට්ටමේ ඇමැති මහත්තයෙක් ඉන්නවලු... උන්නැහේ පසුගිය කාලෙ වැඩි සද්ද බද්දයක් නැතුව ලංකාවෙ ඉන්න ප්‍රවීණතම දෛවඥයො සෙට් එකක්ම මුණගැසිලලු මේ නැකත ශුද්ධ කරගත්තෙ...

වයඹ පළාතෙන් ඇවිත් ගමේ විදියට බත් බුලත් කන මේ ඇමැතිතුමාට දෛවඥයො මේ කටයුත්තට දීල තියෙන්නෙ මේ මාසෙ අන්තිම සුමානෙ දිනයක්ලු.

උන්නැහේ නැකැත් සූදානම් කරගෙන යන දවසට කරන ප්‍රකාශයකුත් ලියාගෙන ලෑස්ති වුණාට එයා එක්ක යන්න සැට්වුණ නායකයො ගණනාවක් තව ටිකක් ඉවසමු කියල කියන්න පටන් අරන්. ඒ හින්ද නායකයො ගොඩක් එක්ක යන්න හිටපු උන්නැහේ දැන් “ඒකනායක” වෙලා කියල සමහරු කියනවා. ඒ වුණත් එයා නම් තමන්ගෙ හිත මිත්‍රාදීන් එක්ක කියන්නෙ මේ සුබ නැකතට කිහිප දෙනෙක් හරි මාරුවෙනව මාරුවෙනවමයි කියලලු... හැබැයි මුන්නැහේ වැඩේ සිද්ධවෙනකම් “නොකර සද්ද” ඉන්නයි තීන්දු කරල තියෙන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00