2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මහ ඇමැති පුටුවට බලෙන් තල්ලුවක්

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 416

බැරිවෙලාවත් ඉක්මනට රුවන්පුරේ පළාත් ඡන්දෙ ආවොත් ඒකට මහ ඇමැති අපේක්ෂකය හැටියට එන්නෙ එක්තරා දියවන්නා මන්තිරිතුමෙක්ය කියලා කතාවක් ප්‍රචාරය වුණා.

මේ මන්තිරිතුමා රුවන්පුරේට කිට්ටු සබරගමු පළාතෙ චරිතයක්... ඉතින් උන්නැහේ මහ ඇමැති චරිතයට අඳින්න යන එක ගැන මේ සතියෙ කවුන්සිල් මීටිම වෙලාවෙ දියවන්නා ලොබියෙ එක කතාවයි... මේ කතාව යන අතරෙ ඔන්න “හේෂත්” එතෙන්ට සම්ප්‍රාප්ත වුණා කියමුකො. ඒ පාර හැමෝම මහ ඇමැති ප්‍රශ්නය එයාගෙ ඔළුව උඩ තිබ්බා.

ඒත් එයා මේ ගැන කතා කළේ බොහොම අසතුටින්. “ඕක වෙන වැඩක් නෙවෙයි මගේ ඕනකමට සිද්ධ වෙච්ච දේකුත් නෙවෙයි...” එයා ටිකක් අප්සෙට් එකේ කිව්ව..

ඔයාගෙ වුවමනාවට නෙවේ නම් ඔය පත්තරවල ප්‍රවෘත්ති ගියේ ඔයා ඡන්දෙට එනවය කියල... මන්ත්‍රී සගයො ප්‍රශ්න කළා.

“ඒක වුණේ අහවලාගෙ වුවමනාවට... එයාටයි ඕන මම ජනප්‍රිය නිසා පළාත් සභාවට තල්ලු කරන්න” ආයෙමත් උත්තර ලැබුණ. ඊළඟට කස්ටිය ප්‍රශ්න කළේ හේෂව පළාත් සභාවට තල්ලු කරන්න හදන බලවතා ගැනයි. ඒත් හේෂ උත්තර දුන්නෙ නැහැ...

ඊළඟට විපක්ෂයෙ මන්තිරි කෙනෙක් අලි පාටියෙ ඉන්න සබරගමුවෙ දිසාවක් නියෝජනය කරන ප්‍රබල ඇමැති කෙනෙක්ගෙ නමක් කිව්වා...

හේෂට එකපාරටම හිනා ගියා. එයා තක්-බීර් වෙලා “ෂිම්” ගාල මාරු වුණා...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00