2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

දෙපැත්තටම ආයුධ

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 670

ආණ්ඩුව ගෙනාපු බදු පනත සමාජෙ හුඟක් කතාබහට ලක්වුණ එකක්... මේක විපක්ෂයෙ අයට ඉතාම හොඳ තුරුම්පුවක් හැටියටයි ඒකාබද්දෙ කට්ටිය දැක්කෙ. පිටරටින් ගෙනල්ල ලංකාවට පූට්ටු කරන්න හදන මේ පනත ගැන දියවන්නාවෙ කතා කරන්න පැවරුණු විපක්ෂයෙ ඉන්න ආර්ථික විශේෂඥ මන්තිරිතුමෙක් පනත ගැන මත ප්‍රකාශ කරන්න කලින් නුගේගොඩ කිට්ටුව තියන සරසවියක ආචාර්ය මට්ටමේ මහත්තයකුගෙන් පනතෙ තියන හානිකර පැත්ත ගැන කරුණු ඇහුවා...

ඒ පාර ආචාර්යතුමා මේ පනත ආවොත් වෙන්නෙ මෙන්න මේකයි කියලා ඒකෙන් වෙන්න පුළුවන් විපත්තිදායක පැත්ත ගැන මරු විග්‍රහයක් කළා. ඔන්න ඒ පාර විපක්ෂයෙ මන්තිරිතුමා ඒ කතා ටික අහගෙන හරි මං දෙඤ්ඤං බැටේ කියල කතාවට ලෑස්ති වුණා කියමුකො...

ඒ අතරෙ ඔය කියපු ආචාර්යතුමාටම ආණ්ඩු පක්ෂයෙ ඉන්න කවුන්සිල් ලොක්කෙකුත් කතා කරල... උන්නැහේ හිතවතකු වන ආචාර්යතුමාගෙන් එයා ඉල්ලුවෙ මේ බදු පනතෙ හොඳ පැත්ත කියල දෙන්න කියන ඉල්ලීම...
ඒකත් එහෙමද කියපු ආචාර්යතුමා බදු පනතෙ හොඳ පැත්ත ගැන හිටු කියල කදිම විග්‍රහයක් ආණ්ඩුවෙ මන්තිරිතුමාට කළා...

හරි මං විවාදෙදි විපක්ෂයෙ හාදයන්ට දෙඤ්ඤං බැටේ කියලා උන්නැහෙත් දියවන්නා කවුන්සිලේ කතාවට ලෑස්ති වුණා. ඔන්න දවස් දෙක තුනකින් විවාදය ආව... දෙන්නම තම තමන් හොයාගත්ත තර්ක විතර්ක වලින් ඇතිපදමට දියවන්නාව දෙවනත් කරමින් ගහගත්තා.

දෙපැත්තටම ආයුධ දුන්න ආචාර්යතුමා හිනාවෙවී බලන් හිටියා... හැබැයි මේ දෙන්න තාම දන්නෙ නැහැ උන්නැහේල දෙන්නටම බඩු ලැබුණෙ එකම තැනින් කියලා...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00