2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

මන්තිරි නෝනට අලුත් තැනක්

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1329

මෙච්චර කාලයක් කොළොන්නාව පැත්ත බලාගෙන හිටපු (හිරු) මන්තිරි නෝනට අලුත් ආරාධනාවක් ලැබිලය කියල ආරංචියක් යනව. ඒ අනුව (හිරු) නෝනට අලුත් ආසනයක් බලාගන්න පුළුවන්ද කියල අලි පාටියෙ ලොකු ලොක්කො ඇහුවලු...

උන්නැහේල මේ තීරණය ගත්තෙ දීර්ඝ සාකච්ඡාවකින් පස්සෙය කියලත් ආරංචියි. අලි පාටියෙන් දියවන්නා කවුන්සිලේට තේරුණ එයා කොළොන්නාව පැත්ත බලාගන්නව කීවට පසුගිය කාලෙම හිටියෙ නිහඬවයි... දේශපාලනේට ආයුබෝවන් කියන කතාවකුත් පැතිරිලා තිබුණා. එහෙම තියෙද්දි තමයි එයාට මේ ආරාධනාව ලැබෙන්න යන්නෙ.

අපට දැනගන්න තියන විදියට (හිරු) නෝන පත් කරන්න යන්නෙ රත්මලානටලු... මේ ගැන එයාගෙ කැමැත්ත අකමැත්ත විමසන්න අලි පාටියෙ ලොකු මහත්තයෙක් ළඟදිම හිරු නෝනට කතා කරන්න යන බවත් ආරංචියි.