2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

තවත් බැඳුම්කර ජවනිකාවක්

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 405

බැඳුම්කරේට සම්බන්ධ බවට හැමෝම කතාකරන ප්‍රබල චරිතයක් ඉන්නවා... උන්නැහේ පසුගිය කාලෙ ආණ්ඩුවේ ඉහළම පට්ටම් දරලා ඒව ගලවගත්ත කෙනෙක්ලු...

මුන්නැහේ බැඳුම්කරේ ගැන තිබුණු මුලින්ම දියවන්නා “කෝප්” සභාවට කැඳෙව්වම... එතෙන්දි මේක සිද්ධවුණ හැටි ඒකට සම්බන්ධ කස්ටිය ගැන නම් ගම් විස්තර ඇතිව කිව්වා කියලා රතු සහෝදරවරැ ඒ කාලේ ලොකු යුද්ධයක් කළා. ඉතිං දැන් බැඳුම්කරේට කරපු ජරමර ජල්තර සේරම කොමිසමේදි එළියට එන නිසා ආපහු මුන්නැහේ එතෙන්ට කැඳවලා සැරෙන් ප්‍රශ්න කළොත් මෙයාට මොනවා කියවෙයිද දන්නෙ නැහැ කියලා මේ වැඩේ ගැන තතු දත් සමහරු හොඳටම බයවෙලා ඉන්නව කියලා ඒකාබද්දෙ කස්ටියට දැනගන්න ලැබිලා... ඒ වගේම කොමිසම උන්නැහේලගේ ලැප්ටොප් - පරිගණක මොබයිල් ෆෝන්වලින් බොහොම තොරතුරු අරගෙන කියන නිසා කතාව ටිකක් බරපතළ වෙලා කියලත් ආරංචියි.

ඉතින්  මේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට උන්නැහේට වහාම රටින් පිටවෙන්න කියල අණ ලැබිලලු... ඊට කළින් තමා සතු බඩු බාහිරාදියත් යන තැනකට යවන්න කියලත් නියම වෙලාලු... ඒක උන්නැහේගෙ කාර්ය මණ්ඩලේ අයගෙන්ම ඒකාබද්දෙට ලැබුණ ආරංචියක් කියනවා...

කොහොමහරි දැන් මුන්නැහේ රට යන්න හදනවද කියල විපරමෙන් ඉන්න ඒකාබද්දෙ නියෝජිත කණ්ඩායමත් කටුනායක පැත්තෙ කැරකෙනවා කියලත් ආරංචියි.