2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ආයෙත් භංගයක් එනවලු

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 353

බස්නාහිර පැත්තෙ පළාත් ආණ්ඩුවක දේශපාලන ලොක්කකුට විරුද්ධවත් විශ්වාසභංගයක් එන්නලු යන්නෙ...

ගියපාර එක ලොක්කකුට ඒ වගේ එකක් ගෙනැල්ලා උන්නැහේගෙ තනතුරත් අහිමිවුණා...

මේ පාර ඔය යෝජනාව ගේන්න යන්නෙ කළුතර පැත්තෙන් ආපු අධ්‍යාපන පැත්තෙ වංශක්කාරයෙකුට කියලයි ආරංචි. තවත් මාස එකහමාරක් විතර එන අයවැයේදි උන්නැහේගෙ සබ්ජෙක්ට් එක පරද්දන්නයි සැලසුම. දැනටමත් මේ යෝජනාවට තිරය පිටුපස ඉඳන් සෑහෙන ගණනක් අස්සන් කරලලු...

ඒකාබද්දෙ කට්ටියක් එක පයින්ම වැඩේට බැහැලලු... ඉතින් දුර ඉඳල බලනකොට පේන්නෙ තමන්ට තිබුණ අධ්‍යාපන කෑල්ල නැතිවීමේ දුකට පළාත් සභාවේ ලොකු පුටුවක ඉන්න “ඉසුරැමත්” ලොක්කෙක් මේ රූකඩ නාට්‍යයේ නූල් අදින බවයි. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00