2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

සල්ලි කාගෙද?

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 525

ලංකාවෙ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් මිලදී ගන්න මැලේසියාවෙ ආයෝජකයෙක් ඇවිල්ලලු. ඩොලර් මිලියන ගණනක් ගෙවල එකපාරටම මේ විද්‍යුත් මාධ්‍ය සමාගම මිලදී ගන්න උනන්දු වෙන ධනවතා ගැන ආණ්ඩුවෙ ලොකුම පුටුවක ඉන්න බලවතකුට සැකයක් ඇතිවෙලා ලොකු විමර්ශනයකට අර අදිනවා කියලා ආරංචියක් යනවා...

මෙයට මාස ගණනකට කළින් මේ මාධ්‍ය සමාගම අරයගත්ත මෙයා ගත්ත කියලත් ප්‍රචාරය වුණා. ඒ වුණත් ඒ ගන්න ආපු කිසිකෙනකුට ඒක ගන්න බැරිවුණාලු. මාධ්‍ය වගේම තවත් ඉතාම වටිනා බිස්නස් ජාලයක් මේ සමාගම එක්ක බැඳිලා තියනබවයි තතුදත් අය කියන්නෙ. හැබැයි එක බිස්නස් එකකින් නම් එයාලට පාඩුයිලු...

කොහොම හරි එක පාරටම මැලේසියාව පැත්තෙන් මතුවුණ ව්‍යාපාරික භවතා මේ සඳහා ගෙවන මුදල ඇත්තටම එයාගෙද නැත්නම් මේ දවස්වල ලොකුවටම කතාවෙන සමාගමක් සතු එතෙර ති‍ෙයන ධනයද කියලයි ආණ්ඩුවෙ ඉහළ ඉන්න අය විමර්ශනය කරනව කියන්නෙ. ඒක සොයාගත්තට පස්සේ මේ මාධ්‍ය ජාලය ගැන උනන්දු වෙන ලංකාවේ ව්‍යාපාරික භවතෙකුට ඒක සැට් කරගන්නත් වැඩපිළිවෙළක් පටන් අරන්ලු.

කොහොම හරි මේක පිටිපස්සෙන් තියෙන්නෙ අලි පුටු ආරවුලක් බවයි දුරදිග බලනකොට පේන්නෙ...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00