2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

බැඳුම්කර දෙක ළඟ ළඟම එනවලු...

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 240

දියවන්නාවෙ විපස්සෙ ඉන්න ඒකාබද්දෙ කස්ටියටයි... රත්තන්ටයි අපුරු ගනුදෙනුවක්ගැන ඔත්තුවක් ලැබිලා...

බැඳුම්කරේට පස්සෙ එන ලොකුම ජරමරේ ඒකයි කියලා පසුගියදා ඒකාබද්දෙ ලොකු තැන හම්බවුණ කවුන්සිල් කස්ටියක් දැනුම්දීලලු...

පසුගිය ආණ්ඩුව ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ගන්න ඇණවුම් කරපු යානාවල ගිවිසුම අවලංගු කරන්න ගෙවපු මුදල ගැනයි මේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නෙ...

මේ ගිවිසුම අවලංගුවට අති විශාල ඩොලර් ගණනක් ගෙවීම ගැන පසුගියදා කැබිනට්ටුවට ඉදිරිපත් කළ පත්‍රිකාවකිනුත් ප්‍රශ්න කරල තිබුණ අපට මතකයි...

කොහොමහරි දැන් විපක්ෂය සතුව තිබෙන ලිපි ලේඛනවල හැටියට ගෙවපු මුදල කෙළින්ම ගිහින් තියෙන්නෙ ගිවිසුම ගහපු සමාගමට නෙවෙයිලු... වෙනත් රටක තියන සුප්‍රකට බැංකුවකට කියලයි තතුදත් අය කියන්නෙ...

බැංකුවට සල්ලි ලැබුණම එයින් කොටසක් ගිවිසුම ගහපු සමාගමට ගියා. ඒක ගිවිසුම අවලංගුවට එයාල ඉල්ලපු ගණනලු..

ඒ මුදලින් තවත් කොටසක් කිසිම කෙනෙක් නොදන්න පුණ්‍යායතනයකට ගිහිල්ලලු. ඒ පුණ්‍යායතනේට ශ්‍රීලන්කන් ගිවිසුමත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද... මේ පුණ්‍යායතනෙට මුවාවෙලා ඉන්න අපේ රටේ ලොකු ලොක්කො කව්ද කියල දැන් විපක්ෂය හොයනවලු. එහෙම වුණොත් මේක බැඳුම්කර දෙක වෙන්න පුළුවන් කියලයි පසුගියදාක එයාල කරපු සාකච්ඡාවකදි හෙළිදරව් වුණේ. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00