2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ඒක දෙවියන්ගෙ වැඩක්ලු

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 459

බැඳුම්කරේ ගැන හැමදෙනාම නම කියැවෙන ඇමැති තැන ගැන කතා ගොඩයි...

අතපාටියෙ කස්ටිය එහෙට ගන්න කියනවා. අලි පාටියෙ කස්ටිය රකිනවය කියනවා. ඒ අස්සෙ තවත් කැබිනට් පොරක් කිය කිය යනවලු “ඔය මනුස්සයට ඔහොම වුණේ තමන් දේවාල කෝවිල් ගානෙ ගිහිල්ල කරපු පුද පූජා නිසාය කියල....” එයා මේ නොකියා කියන්නෙ එයාගෙ පූජා ගුරුකම් නිසා ඇමැති තැන අමාරුවෙ වැටුණ බවයි.

ඒකට හේතුව පසුගිය ඡන්දෙදි ඇතිවුණ බරපතළ මනාප හුටපටයක්ලු... එක්තරා සුළු පක්ෂයක් හදාගෙන ඡන්දය ඉල්ලපු මේ ඇමැති තැනගෙන ඡන්ද ව්‍යාපාරෙට “හිරු” ඇමැතිගෙන් කිසිම හව්හරණක් ලැබුණෙ නැතිලු... කරන තරමක් කළේ අප්සෙට් වැඩලු... ඊට පස්සෙලු එයා මේ ගැන දෙවියන්ට කිව්වෙ... 

මේ කතාව දැන් ප්‍රසිද්ධියේ කියන්නෙ ජාතීන් අතර එකමුතුකම ඇති කරන්න දඟලන “මනෝ” මය වශයෙන් දෙවිදේවතාවුන් එක්ක ගනුදෙනු කරන ඇමැති සයිස් පොරක්ලු.