2017 ජුලි 29 වන සෙනසුරාදා

දුටුගැමුණු අලියා පිට නගී?

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1084

පහුගිය දවසෙ අලුත් පක්ෂයක් හැදුවය කියපු දුටුගැමුණු පරපුරෙන් එනවය කියන හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ආපහු දේසපාලන කරණමක් ගහන්නලු යන්නෙ...

මුන්නැහේ මීට කළින් කාලයක් අත පාටියෙ හිටියා. ඊළඟට පුටු පාටියෙත් හිටියා. අලි පාටියෙත් හිටිය ඒ නිසා මේ දේසපාලන හෝටල් දෙක තුනෙන්ම කෑම කාල කියන උන්නැහේට පසුගිය ඡන්දෙදි පුටු පාටියෙන් නාම යෝජනා නොලැබුණේ එයා කැලණිය පැත්තෙ කරපු ආන්දෝලනාත්මක වැඩ නිසා කියල කතාවක් ගියා.

කොහොම හරි මුන්නැහේ පසුගිය කාලෙ ටිකක් නිහඬව ඉඳල දැන් අලි පාටියට කරණමක් ගහලා කියලත් ආරංචියි...

ඉතින් එයා ගිරුවායේ පොරක් නිසා මෙයාට තිස්සමහාරාමෙ පැත්තෙන් සංවිධායක පට්ටමකුත් දෙන්නලු යන්නෙ...

එතකොට රුහුණෙ රාජපක්ෂල එක්ක හැප්පෙන්න තිස්ස මහාරාමෙට අලිපාටියෙන් දෙන්නෙක්ම ඉන්නවා...

මේක එක ඇමෙන් මාළු කිහිපදෙනෙක්ම බාගන්න කරපු වැඩක් කියලයි තතුදත් අය කියන්නෙ. හැබැයි මේ වැඩේට දැන් තිස්ස පැත්තෙ ඉන්න බලපුළුවන්කාර දේසපාලුතුමා නම් සතුටු නැතිලු...

ඒ නිසා ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වේවි කියලා සමහරු කියනවා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00