2017 ජුලි 15 වන සෙනසුරාදා

රටගිය හේතුව

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 636

පසුගිය දවස්වල සිදුවීම් ගණනාවක් නිසා ප්‍රවෘත්තියක් බවට පත්වුණ පුත්තලං පැත්තෙ උප ඇමැති සයිස් මහත්තයෙක් එක පාරටම විදේශ ගතවුණාලු.

උන්නැහේ දැන් ඉන්නෙ මැදපෙරදිග එක්තරා රටකය කියලා ආරංචියි...

හැබැයි එයා එයාගෙ ටෙලි‍ෆෝන් සේරම ඕෆ්කරගෙන නිස්සද්දව හැංගිලාවගේ ඉන්නවා කියලයි තතුදත් අය කියන්නෙ...

ඉතින් මේ හොඳට හිටපු උප ඇමැති තැන එක පාරටම කාටවත් නොකියා විදේශ ගතවෙල සද්දෙ වහල ඉන්න එක කාටත් ප්‍රහේළිකාවක්ලු... අන්තිමේ බැරිම තැන එයාගෙ හොඳම දේසපාලන යාළුවෙක් මේ පුත්තලං සගයට කොහොමහරි කතා කළා... කතාකරලා ඇහුව මොකද්ද මේ කරන්නෙ කියලා...

එතකොට බොහොම අමාරුවෙන් උන්නැහේගෙ කටින් ඇත්ත එළියට පැන්නාලු...

කොහොමද මචං ලංකාවෙ ඉන්නෙ... හම්බුවෙන හම්බුවෙන එකා අහනව දැන් කවද්ද විපක්ෂයට යන්නෙ කියලා. අපේ ලොක්කෙකුත් අහුවා... මස්සිනා කවද්ද යන්නෙ කියලා. අන්තිමට මට මේක වදයක් වුණා.

ඒ අස්සෙ අරුන් - දින අහනව එන්නෙ කවද්ද කියලා අන්තිමේ බැරිම තැන මම රට ගියා. උස මහත පුත්තලං සගයා උත්තර දුන්නා... ඒ එක්කම කතාව හමාර වුණා.