2017 ජුලි 15 වන සෙනසුරාදා

වැඩේ හබක්

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 390

මේපාරත් හාල් වැඩේ ඇනෙන්න දීලා රටින් හාල් ගේන්න තැනකින් වැඩක් සෙට් කළා කියමුකො... හුඟක් දේවල්වලට නම කියැවෙන ඇමැති සයිස් මහත්තයෙක් මේකටත් ඉව අල්ල අල්ල ඉන්නව කියලා ආණ්ඩුවෙ ඉහළම මන්දිරේ ඉන්න ලොකු මහත්තයටත් දැනගන්න ලැබිලා...

ඒත් ඉතින් රටේ හාල් නැත්නම් තව තවත් මිල ඉහළ නගිනඑක කළින් ඒව ගේන්නත් එපායැ... ඒත් බහිරවයන්ගෙන් හාල් පාරුවන්ගෙන් මේ ගනුදෙනුව බේරගන්න ඕන නිසා රටින් හාල් ගේනඑක මුදල් අංසෙ නිලමෙලාට භාරදෙන්න ලොකු තැන රහසෙම තීන්දුවක් ගත්තලු... ඒ අස්සෙ ප්‍රශ්නය පිටිපස්සෙ හිටපු කෙනත් දතකට මැදගෙන බලන් හිටියෙ වැඩේ පත්තු වෙනකම්...

නමුත් උන්නැහෙත් නොදැන ඉහළම මන්දිරේ නියෝගෙන් මුදල් අංසෙ කස්ටිය හාල් ගේන්න තායි රටට ගියා. මීය කඩන්න බලන් හිටපු උන්නැහේ අහෝ දුකකි කියල මන්නාරම පැත්තට යන්න ගියාලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00