2017 ජුලි 15 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් අනාවැකියක්

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 445

දකුණෙන් ආපු ඇමැතිතුමෙක්ගෙ පුත්‍රයෙක් පසුගියදා හදිස්සියෙම අල්ලපු රටට ගියා... අපට ආරංචි විදියට උන්නැහේ එහේ ගියේ ඒ රටේ ඉන්න ඉහළම පෙළේ ජ්‍යොතිෂවේදියෙක් මුණගැහෙන්නලු.  ආණ්ඩුවෙ ඉහළ තැන්වලට කිට්ටු රාජ්‍ය මට්ටමේ ඇමැති පට්ටමක් මුන්නැහේගෙ තාත්තා දරනවා...

ඉතින් තමන්ගෙ අනාගතේ වගේම රටේ අනාගතේ ගැනත් දැනගන්නයි එයාට ඕනෑ කළේ. ඒ අනුව ප්‍රශ්න රාශියක් අහල උන්නැහේට දෛවඥතුමා බොහොම බරපතළ අනාවැකියක් කිව්වය කියල ආරංචියි... මේ දෛවඥය මේ රටේ නායකයන් ගණනාවකගෙ ඡන්ම පත්‍ර පරීක්ෂා කළ අපේ කැබිනට්ටුවෙ බාගෙකටත් වැඩිය දන්න කියන කෙනෙක්ලු... උන්නැහේ තමන්ගෙ අනාවැකිය කියන්න පටන්ගන්නකොට දෙගඩියාවෙන් හිටපු ඇමැති පුතා පුදුම කරවන්න මුලින්ම කවුරැත් නොදන්න එයාගෙ පෞද්ගලික කාරණාවක් සඳහන් කළාලු. ඊට පස්සෙලු එයා දෛවඥයාගෙ කතාවට දැඩි අවධානෙ යොමුකළේ.

රටේ අනාගත ආණ්ඩුව ගැන වගේම අනාගත නායකයො ගැනත් උන්නැහේ පුදුම කරවන අනාවැකි ගණනාවක්ම මේ දෛවඥතුමා කීවලු... 2020 දී සිදුවන පෙරුළියක් ගැනත් දැඩි සඳහනක් කරලා. හැබැයි මේව අහගෙන ඊට පස්සෙන්දම ලංකාවට ආව ඇමැති පුත්‍රයා දැන් සද්දෙ වහලා නොකර සද්ද ඉන්න බවයි ආරංචි...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00