2017 ජුලි 08 වන සෙනසුරාදා

තුන්කොන් සටනේ ජයග්‍රාහකයා

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 387

පුරප්පාඩු වෙච්ච නැගෙනහිර ආණ්ඩුකාරමට තුන්කොන් සටනක් තිබ්බ. ඒ ගැන ආණ්ඩුවෙ ඉහළට මුලින්ම යෝජනා වෙලා තිබුණේ කෑගල්ලෙන් දේසපාලනේට ආපු අතා. ඒ ආරංචිය ප්‍රචාරයවීමත් එක්ක ආණ්ඩුවෙ සමහරු උන්නැහේට ටක්ගාල සුබ පතන්නත් අමතක කළේ නැහැ.

ඒ අස්සෙ අරාබිකරේ තානාපති පට්ටමක් උසුලන ඒ.ඇස්.පී. කෙනෙකුත් මේ වැඩේට ඔට්ටු වුණාලු. උන්නැහේ ඒකට සැරසෙන්න අරාබියෙන් ඇවිත් පුදපූජා එහෙමත් තිබ්බ කියල ආරංචියි.

මේ ජරමර මධ්‍යයේ ඒත් ඒ කවුරුත් නොසිතූ ලෙස රොබෝතුමා ආණ්ඩුකාර පට්ටමට පත්වුණා. ඒක සිද්ධ වුණෙත් ඉහළම නිර්දේසයක් නිසා බව තතු දත් අය කියනව. ඒක පරණ කරපු උදව්වකට කළ උදව්වක් කියලයි කාරණා කාරණා දන්න අය කියන්නෙ. මහ සඟරුවනට සම්බන්ධ කෙනෙකුත් මේ වැඩේ පිටිපස්සෙ ඉන්නවලු.