2017 ජුලි 08 වන සෙනසුරාදා

යන්න පාර කැපුණ හැටි

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 398

ආණ්ඩුවේ ඉහළම මට්ටමේ ලේකම්ල දෙන්නෙක් ගෙදර ගියා. එක්කෙනෙක් ගිය සුමානෙ. අනෙක්කෙනා මේ සුමානෙ...

රාජ්‍ය සේවෙටත් ලොක්ක වෙච්ච පළමු ලේකම් තැනට යන්න වුණේ රටේ ලොකුම තැනකින් බඩකට පුරා අහගෙන කියල තතු දත් අය කියනව... උන්නැහේගෙ නමින් ආපු නිවේදනයක ප්‍රශ්නයක් මේ හුටපටේට ආසන්න හේතුවක් වුණාලු. ඊට කළිනුත් වැඩ ගණනාවක් වෙලාවට කලාවට නොකිරීම ගැන මෙයාට දිගින් දිගටම ඉහළින් දෙහි කැපුවලු. ඒ නිසා කලකිරී ගෙදර ගිය උන්නැහේ ආයෙ මාස ගණනකට ලංකාවට එන්නෙ නැහැ කියල කැන්ගරැ දේසෙට යන්න හදනවලු.

ඊළඟට යන්න වුණේ රටේ හතර මායිම් ආරස්සා කොරන ලේකම් තැනකටලු. හැබැයි උන්නාන්සෙට නම් යුරෝපෙ රටක තානාපති සයිස් ජොබ් එකක් ලැබිල. ඒත් එයාට යන්න පාර කැපුණෙ ටෙන්ඩර දෙකක් සම්බන්ධ ප්‍රශ්න නිසාය කියලයි කියන්නෙ. එකක් කෑම බීම සම්බන්ධ එකක්ලු... අනෙක නැවකට සම්බන්ධ ටෙන්ඩරයක් කියනව.

කොහොම හරි යහපාලනේ පටන් ගන්නකොටම හිටපු ඉහළම ලියන මහත්තුරැ දෙන්නට යන්න පාර කැපුණෙ ඔන්න ඔහොමයි කියන එකයි සමහරැන්ගෙ මතය.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00