2017 ජුනි 24 වන සෙනසුරාදා

සහජීවන චාරිකාව

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 430

ආණ්ඩුවෙ ඉන්න කොළඹ පැත්තෙ ඇමැති මහත්තයෙක් සහජීවනේ ඉගෙන ගන්න කැන්ගරු දේසෙට ඉගිල්ලෙන්න හදනවලු... මේ ගමන තමන්ගෙ රාජකාරියටත් අදාළ නිසා ඒක සංවිධානෙ කළේ උන්නැහේගෙ කන්තෝරුවෙන්මලු...

කැන්ගරුන්ගෙ රටෙන් සහජීවනේ ගැන ඒ හැටි ඉගෙන ගන්න දෙයක් නැති වුණත් ගමන යා යුත්තේ එහාටමයි කියලා දැඩි තීන්දුවක් ගත්තෙත් ඇමැති තැනමලු... ඒකට එක්තරා සුවිශේෂ හේතුවක් තියනවා කියලා අමාත්‍යංශෙ කස්ටිය කියනවා... එතුමගෙ මේ සහජීවන චාරිකාවට සමගාමීව එයාගෙ ලේකම් සයිස් කෙනකුත් කැන්ගරු දේසයට යනවා කියලා ආරංචියි...

වඩාත් කාර්යක්ෂම නිල සංචාරයකදි තමන්ගෙ කටයුතුවලට සහාය දෙන්න ලේකම් කෙනකුගෙන් සහය ඕන නිසා එයාටත් මේ ගමනට දොර ඇරුණලු... ඒත් අපේ දේසපාලුතුමාගෙ ගෙදරින් නම් මේ චාරිකාවට බාල්දි - කොකු - තොණ්ඩු වැටුණ කියල ආරංචියි. ගෙදර උදවිය මොනව කිව්වත් යොදාගත්ත බරපතළ නිල කටයුතු නවත්තන්න පුළුවනෑ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00