2017 ජුනි 24 වන සෙනසුරාදා

රස්තියාදුව

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 454

අලුතෙන් පත්වෙච්ච ඇමැති මට්ටමේ ලොක්කෙක් හම්බුවෙන්න අල්ලපු වත්තෙ තානාපති සයිස් මහත්තයෙක් උන්නැහේගෙ අලුත් මිනිස්ට්‍රියට ආවලු...

මේ පාර ඇමැති පත්කිරීමේදි රට වැඩ භාරවෙන්නෙ මට තමයි කිය කියා ප්‍රචාරය කරපු ඇමැති තැනට ලැබුණෙ මහමූදෙ වැඩක්ලු...

ඉතින් උන්නැහේ හම්බුවෙන්න තානාපති තැනට එයා වෙලාවක් දීලා තිබුණ. ඒ අනුව වෙලාවට එයා ආවය කියමුකො... අමුත්තන්ගෙ මැදිරියෙ වාඩිවෙලා හිටපු තානාපති තැන විනාඩි පහක් දහයක් පැය භාගයක් නෙවෙයි පැයකටත් වඩා රස්තියාදු කිරීම නිසා තානාපති තැනට මළ පැනලලු හිටියෙ.

අන්තිමට හමුවීමට කතා කළාම තරහ නිසාම ඉතාම කෙටියෙන් කතාව අවසන් කරපු තානාපති තැන යන්න ගියාලු...

එහෙම කන්තෝරුවට ගිය තානාපති තැන මෙයා මට මෙහෙම කළාට අහවල්ලු ආවනම් පාවාඩත් දාලයි පිළිගන්නෙ... හොඳයි බලමුකො කියල රතු රටක නමක් කියල දෙහි කැපුවය කියලත් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00